Logo

ලාෆ්ස් පිලිබඳ

ප්‍රමුඛ ව්‍යාපාර කේෂේත්‍ර ගණනාවක් ඔස්සේ සාර්ථකව විවිධාංගීකරණය වූ ශ්‍රී ලංකාවේ විශාලතම සහ විශ්වාසනීයම ව්‍යාපාර සමුහයක් ලෙස ලාෆ්ස් සමුහ ව්‍යාපාරය හැඳින්වේ. 1995 වර්ෂයේ දී ආරම්භ කළ ලාෆ්ස් ව්‍යාපාර සමූහය තුල මේ වන විට වෘත්තීය නිපුනත්වයෙන් පිරිපුන් සේවක සේවිකාවන් 3000කට අධික පිරිසක් සේවය කරන අතර, වාර්ෂිකව රුපියල් මිලියන 300කට අධික පිරිවැටුමක් උත්පාදනය කරයි. බලශක්ති, සිල්ලර වෙළෙඳාම්, කර්මාන්ත, හෝටල් සහ සංචාරක සේවා, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු, දේපොළ වෙළෙඳාම් යන විවිධ ව්‍යාපාර කර්මාන්ත අංශ 20කට අධික ප්‍රමාණයකට ව්‍යාප්තව ඇති ලාෆ්ස් සමුහ ව්‍යාපාරය, මිලියන ගණනක් පාරිභෝගිකයන්ගේ විශ්වාසනීයත්වය ඉහළින්ම දිනූ සැබෑ ශ්‍රී ලාංකීය සමාගමකි.

gradient